කොට්ටහච්චිට අපහාස කළැයි අත්අඩංගුවට ගත් හිටපු මන්ත්‍රීට ඇප

කොට්ටහච්චිට අපහාස කළැයි අත්අඩංගුවට ගත් හිටපු මන්ත්‍රීට ඇප

ජාතික ජනබලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසවන ආකාරයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පෝස්ටුවක් පල කලේ යැයි අත්අඩංගුවට පත් මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි සැකකරු ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණ වෙල මහතා අද (03) නියෝග කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය මගින් සැකකරු බටගොඩ පිහිටි ඒ මහතාගේ නිවසේ දී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

කාන්තාවකට ලිංගික හිංසනයක් කිරීමේ චේතනාවෙන් අපහාසාත්මක පෝස්ටු පළ කරමින් දණ්ඩ නිති සංග්‍රහය යටතේ වරදක් සිදුකර ඇති බවටපවසමින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කළේය.

රුපියල් ලක්ෂ පහක ශරීර ඇපයක් සැකකරුට නියම කළ මහේස්ත්‍රාත්වරයා මෙවන් කටයුතු ඉදිරියේදී නොකරන ලෙසට තරයේ අවවාද කළේය.