කොටුව පැරණි පොලිස් මූලස්ථානයේ CCTV කැමරා 07ක් සහ ඩී වී ආර් යන්ත්‍රය හොරු අරන්

කොටුව පැරණි පොලිස් මූලස්ථානයේ CCTV කැමරා 07ක් සහ ඩී වී ආර් යන්ත්‍රය හොරු අරන්

කොටුව පැරණි පොලිස් මූලස්ථාන ගොඩනැගිල්ලේ පස්වන මහලේ සවිකර තිබූ සී සී ටී වී කැමරා හතක් සහ ඩී වී ආර් යන්ත්‍රයක් කිසිවකු විසින් ගලවා සොරා ගෙන ගොස් ඇතැයි කොටුව පොලිසිය පවසයි.

පසුගිය ඔක්තෝබර් 11 දින සහ නොවැම්බර් 23 අතර කාලය තුළ මෙම සොරකම සිදුව ඇති බවට පොලිස් ගොඩනැගිලි කොට්ඨාසයේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු කොටුව පොලිසියට මේ සම්බන්ධයෙන් ඊයේ (2) පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

සොරා ගත් දේපළවල වටිනාකම රුපියල් ලක්ෂ 4 ට අසන්න බවට එම පැමිණිල්ලේ සඳහන් වේ.සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවකු අත්අඩංගුවට ගෙන නොමැත.