“ජීන් ඇන්ටි”ට මැර ප්‍රහාරයක්
සමාජ මාධ්‍ය ජාලා ක්‍රියාකාරිනියක වන “ජීන් ඇන්ටි” නමැති කාන්තාවට පුද්ගලයින් දෙදෙනෙකු නිවසට පැන පහර දී තිබෙනවා.
ඊයේ (02) පෙරවරුවේ නාඳුනන පුද්ගලයින් දෙදෙනකු නිවසට පැන තම සැමියාට හා තමන්ට අමානුෂික අයුරින් පහර දුන් බවයි රෝහල්ගතව ප්‍රතිකාර ලබන ජීන් ඇන්ටි ප්‍රකාශ කර ඇත්තේ.
මෙම පහරදීමෙන් ජීන් ඇන්ටිට සහ ඇයගේ සැමියාට තුවාල සිදුවීම හේතුවෙන් ඔවුන් රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණා.
ජීන් ඇන්ටි ප්‍රකාශ කළේ ඊයේ පෙරවරුවේ මත්ද්‍රව්‍යයට සම්බන්ධ යැයි සැක කරන දෙදෙනකු විසින් එඩේරමුල්ලේ පිහිටි තම නිවසට පැමිණ මෙම පහර දීම සිදු කළ බවයි.
තමා පහුගිය සති කිහිපය තුළදී ප්‍රදේශයේ මත්ද්‍රව්‍යය ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් පිළිබඳව හෙළි කළ බැවින් මෙම පහර දීම සිදුකර ඇති බවයි ඇය පවසන්නේ.