මාතර බන්ධනාගාරයේ අනතුරින් තුවාල ලැබූ තවත් රැඳවියෙකු මරුට

මාතර බන්ධනාගාරයේ අනතුරින් තුවාල ලැබූ තවත් රැඳවියෙකු මරුට

මාතර බන්ධනාගාරයේ වාට්ටුවක් මතට බෝ ගසක අත්තක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරින් තුවාල ලබා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් රැඳවියෙකු අද (03) පෙරවරුවේ ජීවිතක්ෂයට පත් ව තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ, දෙවිනුවර ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙක් බවයි, පොලීසිය පැවසුවේ.

ඔහු දික්කසාද නඩුවක නඩත්තු නොගෙවීම හේතුවෙන් මාස 05 බැගින් මාස 10ක සිරදඩුවම් නියම වී සිරගතව සිටි අයෙක් බවද වාර්තා වේ.

ඒ අනුව, මෙම හදිසි අනතුරින් මියගිය සංඛ්‍යාව දෙදෙනකු දක්වා ඉහළ ගොස් තිබේ.

පෙරේදා (01) රාත්‍රී 10.30ට පමණ සිදු වූ මෙම අනතුරෙන් රැදවියන් 12 දෙනෙකු තුවාල ලබා මාතර මහ රෝහලට ඇතුළත් කෙරුණු අතර ඔවුන්ගෙන් 34 හැවිරිදි එක් රැඳවියෙකු එදිනම ජීවිතක්ෂයට පත්වූ බවයි, පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ.

බන්ධනාගාරයේ වාට්ටු දෙකකට හානි සිදුවීම හේතුවෙන් එම පරිශ්‍රයේ සිටි රැඳවූවන් 54 දෙනෙකු මේ වනවිට අඟුණුකොළපැලැස්ස එළිමහන් බන්ධනාගාරයට මාරු කර යැවීමටයි කටයුතු කර ඇත්තේ.