ගතවූ පැය 24තුළ බීමත් රියදුරන් 509ක් නීතියේ රැහැනට
උත්සව සමයේ රථවාහන අනතුරු අවම කර ගැනීම සම්බන්ධයෙන් විශේෂ වැඩපිළිවලක් (23)දින සිට දිවයිනම ආවරණය වන පරිදි ක්රියාත්මක කර තිබෙනවා.
ඒ අනුව ගතවූ පැය 24 තුළ බිමත් රියදුරන් 509ක් සහ අපරික්ෂාකාරී ලෙස රිය පැදවීම් කළ රියදුරන් 29 දෙනෙකු සහ වේගයෙන් රිය පැදවීම් සිදු කළ රියදුරන් 59 දෙනෙකු සම්බන්ධව නීතිය ක්රියාත්මක කර බවයි පොලිසිය සඳහන් කළේ.
එමෙන්ම මාර්ග නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් රියදුරන් 762ක් සහ බලපත්ර වැරදි සම්බන්ධයෙන් 345 ක් සහ රථවාහන වැරදි සම්බන්ධයෙන් රියදුරන් 3711කට නීතිය ක්රියාත්මක කර ඇත.
තවද රථවාහන වැරදි සම්බන්ධයෙන් සමස්ත රියදුරන් 5415ක් සඳහා නීතිය ක්රියාත්මක කර ඇති බව පොලිසිය සඳහන් කළා.
මෙවැනි විශේෂ මෙහෙයුම් ඉදිරියටත් ක්රියාත්මක කිරීමට බලාපොරොත්තු වන අතර මාර්ග නීති උල්ලංඝනය නොකිරීම සහ බිමත්ව රිය ධාවනය නොකරන ලෙසට පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.