රජයේ නව මුද්‍රණාලයාධිපති පත් කෙරේ

රජයේ නව මුද්‍රණාලයාධිපති පත් කෙරේ

රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ නව මුද්‍රණාලයාධිපති ලෙස කේ.ජී.පී. පුෂ්පකුමාර මහතා පත් කර තිබේ.

ඒ මහතා අද (02) පෙරවරුවේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ දී සිය නව ධුරයේ වැඩ කටයුතු භාර ගත්තේය.

ඒ මහතා ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජෙනරාල්වරයකු ලෙසද කටයුතු කරයි.

මීට පෙර මුද්‍රණාලයාධිපති ලෙස කටයුතු කළේ ගංගානි කල්පනා ලියනගේ මහත්මියයි.