අමල් සිල්වාට අයත් නීතිවිරෝධීව එකලස් කරන ලද ජීප් රථ 3ක් පොලිස් භාරයට
හිටපු පළාත් සභා මන්ත්‍රී අමල් සිල්වා නමැත්තාට අයත් බවට පැවසෙන නීතිවිරෝධීව එකලස් කරන ලද ඩිෆෙන්ඩර් රථ දෙකක් ඇතුළු ජීප් රථ 3ක් වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය මගින් ඊයේ (01) සිය භාරයට ගෙන තිබෙනවා.
ඒ, පිංවත්ත හා රත්මලාන යන ප්‍රදේශවලදී.
රජයේ ආයතන වලින් භාවිතයට නුසුදුසු ලෙස සඳහන් කරමින් ඉවත්කරන ලද වාහනවල අංක තහඩු යොදා අදාළ වාහන තුන භාවිත කර ඇති බවට සැක කරන බව පොලීසිය පවසයි.
පොලිසිය සදහන් කළේ, රුපියල් කෝටි 7ක් පමණ වටිනා මෙම ජීප් රථ 3, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් ධාවනයෙන් ඉවත් කරන ලද ගර්හිත වාහන වල අංක යටතේ ව්‍යාජ ලෙස ලියාපදිංචි කර ඇති බවයි.
මෙම වාහන අයත් බවට පැවසෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බස්නාහිර පළාත් සභා හිටපු මන්ත්‍රී අමල් සිල්වාගෙන් දීර්ඝ ලෙස ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව මුදා හැරි බවත්, එම වාහන අද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවත් පොලිසිය සඳහන් කළා.
අභාවප්‍රාප්ත හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුමට අයත්ව තිබී 2011 වසරේදී පොලිස් භාරයට ගෙන මතුගම අධිකරණයේ විභාගවන නඩුවකට අදාළ නීතිවිරෝධීව එකලස් කළ ජීප් රථය අලෙවි කර ඇත්තේ ද මොහු විසින් බවයි අනාවරණය වී ඇත්තේ.