ගසක අත්තක් කඩා වැටී මාතර බන්ධනාගාර රැඳවියෙක් මරුට – 11කට තුවාල

ගසක අත්තක් කඩා වැටී මාතර බන්ධනාගාර රැඳවියෙක් මරුට – 11කට තුවාල

ගසක අත්තක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් මාතර බන්ධනාගාරයේ රැඳවියෙක් මිය ගොස් තිබේ.

තවත් රැඳවියන් 11 දෙනෙකු තුවාල ලබා ඇති අතර, ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවයි මාතර මහ රෝහල සඳහන් කළේ.

ඊයේ රාත්‍රී 10.30ට පමණ රැඳවියන් රඳවා සිටින ගොඩනැගිල්ලක් මතට ගසක අත්තක් කඩා වැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

අනතුර සිදුවන අවස්ථාවේ ගොඩනැගිල්ල තුළ රැඳවියන් 400කට අධික ප්‍රමාණයක් සිටි බව බන්ධනාගාර නිලධාරීන් ප්‍රකාශ කළේ ය.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ, මාතර, මිදිගම ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙකි.

මේ වනවිට බන්ධනාගාරයේ ආරක්ෂාව සඳහා විශේෂ කාර්ය බලකාය මෙන්ම යුධ හමුදාව ද යොදවා ඇති බවයි වාර්තා වන්නේ.