පාපැදියක් බස් රථයක ගැටී 07 හැවිරිදි දරුවෙක් මරුට
උළුක්කුලම පොලිස් වසමේ පාවක්කුලම ප්රදේශයේදී බස් රථයකට යටවී 07 හැවිරිදි දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
පොලීසිය පැවසුවේ, අතුරු මාර්ගයක සිට කුඩා දරුවෙකු පදවාගෙන පැමිණි පාපැදියක් බස් රථයේ ගැටී එහි පිටුපස රෝදයට යටවීමෙන් එම දරුවා මියගොස් ඇති බවයි.
අනතුරින් බරපතල තුවාල ලැබූ දරුවා පාවක්කුලම රෝහලට ඇතුලත් කිරීමෙන් පසුවයි, මෙසේ මියගොස් ඇත්තේ.
මෙසේ මියගොස් ඇත්තේ, යුනිට් 02, පාවක්කුලම ප්රදේශයේ පදිංචි පාසල් දරුවෙක්.
මෘත ශරීරය වව්නියාව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, අනතුරට සම්බන්ධ බස් රථ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් උළුක්කුලම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.