අද කොළඹ විශේෂ රථ වාහන සැලැස්මක්
2025 නව වසර උදාව නිමිත්තෙන්, කොළඹ ගාලු මුවදොර ආශ්‍රිතව අද (31) දිනයේ විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා සඳහන් කළේ, නව වසර උදාව වෙනුවෙන් විශාල පිරිසක් අද (31) රාත්‍රී කාලයේ ගාලු මුවදොරට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි.
ඒ අනුව, පිටකොටුව, කොම්පඤ්ඤවිදිය, මරදාන, කොල්ලුපිටිය, බම්බලපිටිය හා කුරුඳුවත්ත පොලිස් බල ප්‍රදේශවල එම රථ වාහන සැලැස්ම ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
එමෙන්ම, අද දින ගාලු මැද පාර පිහිටි රථ නැවතුම් ස්ථානවල රථවාහන නැවැත්වීමට ඉඩ ලබා නොදෙන අතර එම රථවාහන පහත සඳහන් රථගාල් තුළ පමණක් නැවැත්විය හැකි බවත් පොලීසිය නිකුත් කළ නිවේදනයේ සඳහන්.