ලබන වසරේ විශ්‍රාම වැටුප් ගෙවන දින ප්‍රකාශයට පත් කෙරේ

ලබන වසරේ විශ්‍රාම වැටුප් ගෙවන දින ප්‍රකාශයට පත් කෙරේ

ලබන වසරේ විශ්‍රාම වැටුප් ගෙවන දින විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව, ජනවාරි, පෙබරවාරි, මාර්තු, සැප්තැම්බර්, ඔක්තෝබර්, නොවැම්බර්, දෙසැම්බර් යන මාසවල 10 වන දිනද, අප්‍රේල්, මැයි, ජූනි, ජූලි මාසවල 09 වන දිනද විශ්‍රාම වැටුප් ලබාදෙයි.

අගෝස්තු මාසයේ පමණක් 7 වැනිදා ගෙවීම් සිදු කරන බව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ජගත් ඩයස් මහතාගේ අත්සනින් නිකුත් කළ චක්‍රලේඛනයේ සදහන් වේ.