මහවැලි ගම්මානයක අභිරහස් ලෙස මියගිය වන අලියෙකුගේ මළ සිරුරක්
ගිරාඳුරුකෝට්ටේ, අළුයටවෙල මහවැලි ගම්මානයේ දිප්පිටිය ප්‍රදේශයේ කුඹුරක ආසන්නයේ ලඳු කැළෑවක මීට දින කීපයකට පෙර අභිරහස් ලෙස මියගිය වන අලියෙකුගේ මළ සිරුරක් හමුව තිබෙනවා.
වන අලියාගේ වයස අවරුදු 30ක් පමණ වන උස අඩි අටක් වන පිරිමි සතෙක්.
ඊයේ (27) දින සවස මෙම වන අලියාගේ මළ සිරුර ප්‍රදේශවාසීන් දැක මහියංගනය අලි පාලන මෙහෙයුම් ඒකකයේ වන ජීවී නිළධාරීන් දැනුවත් කර බවයි ප්‍රදේශවාසීන් සඳහන් කළේ.
විදුලි සැර වැදීමෙන් හෝ වෙඩි වැදීමෙන් මෙම වන අලියා මිය යන්නට ඇති බවට වන ජීවී නිළධාරීන් සැක පල කරන අතර එම සැකකරුවන් සොයා පරීක්ෂණ ආරම්භ කර ඇති බව මහියංගනය වන අලි පාලන මෙහෙයුම් ඒකකයේ වන සත්ත්ව අඩවි ආරක්ෂක මංජුල ප්‍රදීප් මහතා සඳහන් කළා.
අද (28) දින වන ජීවී පශු වෛද්‍යවරයෙකු පැමිණ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතයි.
සිද්ධියට අදාළ සැක කරුවන් එම ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි ඒ මහතා සඳහන් කළේ.