පාර්ලිමේන්තු මැතිවරණයේ වියදම් වාර්තා භාරනොදුන් අපේක්ෂකයින් ගැන පොලිස් විමර්ශන
පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව වියදම් වාර්තා භාරනොදුන් අපේක්ෂකයින් ඇතුළු පිරිස් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ.
ඒ අනුව, එක් එක් පළාත්වල සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් සමග සාකච්ඡා කර මෙම විමර්ශන ආරම්භ කිරීම සිදු කරන බවයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග මහතා සඳහන් කළේ.
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්ව මේ වනතෙක් අදායම් වියදම් වාර්තා ඉදිරිපත් නොකළ අපේක්ෂකයින්ගේ ලැයිස්තු පොලිසියට ලබාදීමට මැතිවරණ කොමිෂන් සභාව පසුගියදා පියවර ගෙන තිබුණි.
එහි සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා පැවසුවේ, ඒ අනුව පොලිසිය ඒ සම්බන්ධයෙන් නීතීමය පියවර ගනු ඇති බවයි.
පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව වියදම් වාර්තා භාරනොදුන් අපේක්ෂකයින් ඇතුළු 1040 දෙනෙකුට එරෙහිව මෙලෙස මැතිවරණ කොමිෂන් සභාව පොලිසියට කරුනු වාර්තා කර තිබේ.
එම පිරිස අතරට අපේක්ෂකයින් 900කට අධික පිරිසක් පක්ෂ කිහිපයක් සහ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුද ඇතුළත් බවයි, වාර්තා වෙන්නේ.
වියදම් වාර්තා ලබානොදීම මත යම් අපේක්ෂකයෙකුට නඩු පැවරුවහොත් එම අපේක්ෂකයාට පළාත් සභා හෝ පළාත් පාලන ඡන්ද විමසීමක අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වීමට හැකියාවක් නොමැති බවද මැතිවරණ කොමිෂන් සභාව අවධාරණය කරයි.
024 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව වියදම් වාර්තා ලබාදීමේ කාලසීමාව පසුගිය 6 වැනිදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වුණි.