ගාලු කොටුවේ පැරණි කොටු දොරකඩ අද සිට වසා දැමේ

ගාලු කොටුවේ පැරණි කොටු දොරකඩ අද සිට වසා දැමේ

ගාලු කොටු පවුරට ඇතුළුවන පැරණි කොටු දොරකඩ දින හතරක් තාවකාලිකව වසා දමා තිබෙනවා.

ඒ අනුව එම පැරණි කොටු දොරකඩ අද (28) සිට 31 වනදා දක්වා තාවකාලිකව වසා තැබෙන බවයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ දකුණු පළාත් ප්‍රාදේශීය කාර්යාලය නිවේදනය කරන්නේ.

ඒ පුරාවිද්‍යා ස්මාරකයක් වන ලෝක උරුම ගාලු කොටුවේ පැරණි කොටු දොරකඩ ආශ්‍රිත කොටු පවුරේ රසායනික සංරක්ෂණය කිරීමේ කටයුත්තක් හේතුවෙන්.

අදාල කාලය තුළ ගාලු කොටුවට ඇතුළුවීම සහ පිටවීම නව කොටු දොරකඩ ඔස්සේ සිදු කරන බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරනවා.