කොටස් වෙළෙඳපොළේ කොටස් මිල 15,500 සීමාව පසුකරයි

කොටස් වෙළෙඳපොළේ කොටස් මිල 15,500 සීමාව පසුකරයි

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලුම කොටස් මිල දර්ශකය (ASPI) අද (27) දිනයේදී යළිත් වරක් කැපී පෙනෙන වර්ධනයක් වාර්තා කර තිබේ.

ඒ අනුව, ඒකක 135.07කින් (0.88%) ඉහළ ගොස් දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලුම කොටස් මිල දර්ශකයේ අගය ඒකක 15,535.60ක් ලෙස සටහන් විය.

අද දිනයේ වාර්තා වූ පිරිවැටුම රුපියල් බිලියන 9.8කි.

මේ අතර ඊයේ (26) කොළඹ කොටස් වෙළෙඳ පොළේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 232.13කින් (1.53%) ඉහළ ගොස් 15,400.53 ක් ලෙස සටහන් වී තිබෙන බවයි, වාර්තා වන්නේ.