මිතුරු ආරවුල දුරදිග ගොස් අයෙක් මරුට

මිතුරු ආරවුල දුරදිග ගොස් අයෙක් මරුට

මිතුරන් දෙදෙනකු අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් සිදුකළ තියුණු ආයුධ පහරකින් එක් අයෙකු මියගොස් ඇතැයි පොලීසිය පවසයි.

ඝාතනයට ලක්වූ පුද්ගලයා මොරටුව එගොඩඋයන ප්‍රදේශයේ පදිංචි අයෙකු බවට පොලීසිය සැක කරයි.

පානදුර හොරේතුඩුව ප්‍රදේශයේ මාර්ගයක් ආසන්නයේ පුද්ගලයකු ඝාතනය කර ඇති බවට ලද තොරතුරක් මත පරීක්ෂණ සිදුකිරීමේදී මාර්ගයේ උඩුබැලි අතට වැටී තිබූ මළසිරුර සොයාගත් බව පොලිසිය පැවසීය.

ඝාතකයා විසින් මියගිය මිතුරා හට තියුණු ආයුධයකින් පපු ප්‍රදේශයට පහරදීමෙන් මෙම මරණය සිදුව තිබේ.

පානදුර උතුර පොලිසිය මගින් ඝාතනය සිදුකළ බවට සැකකරන පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර ඇති අතර ඔහු ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවයි වාර්තා වන්නේ.

පානදුර උතුර පොලිස් ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක සංජීව ලක්මාල් මහතාගේ ප්‍රධානත්වයෙන් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.