කළුතර ප්‍රදේශ රැසකට අද පැය 18 ක ජල කප්පාදුවක්

කළුතර ප්‍රදේශ රැසකට අද පැය 18 ක ජල කප්පාදුවක්

හදිසි අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (26) පෙරවරු 9සිට පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

ඒ අනුව, කළුතර දකුණ, කළුතර උතුර, වාද්දුව, වස්කඩුව, මොරොන්තුඩුව සහ බොම්බුවල යන ප්‍රදේශවලට මෙසේ ජලසැපයුම අත්හිටුවනු ඇත.

අද පෙරවරු 9 සිට හෙට (27) අලුයම 3 දක්වා මෙම ජල සැපයුම අත්හිටුවීමට නියමිත බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සදහන් කළේය.