උත්සව සමයට විශේෂ දුම්රිය ගමන්වාර කිහිපයක්
සේවක අර්බුදය ඇතුළු ගැටලු රැසක් පැවතියද පාසල් නිවාඩුව සහ උත්සව සමය වෙනුවෙන් විශේෂ දුම්රිය කිහිපයක් ධාවනය කෙරෙන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) එන්.ජේ ඉඳිපොලගේ මහතා පවසනවා.
දෙසැම්බර් 28 වැනි දින උදෑසන බදුල්ල දක්වා විශේෂ දුම්රියක් සහ 29 වැනි දින රාත්රියේදී බදුල්ල සිට කොළඹ කොටුව දක්වා විශේෂ දුම්රියක් යෙදවීමට කටයුතු කර තිබෙනවා.
මීට අමතරව යාපනයේ දක්වා ධාවනයවන නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියක් මෙන්ම යාල් දේවී සීඝ්‍රගාමී දුම්රියට අමතර මැදිරි එක් කර ධාවනයට යෙදවීමට පියවර ගෙන ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) එන්.ජේ ඉඳිපොලගේ මහතා වැඩි දුරටත් කියා සිටියේ.