එකම පවුලේ 10 දෙනෙකුට මරු කැඳවූ ගුවන් අනතුර

එකම පවුලේ 10 දෙනෙකුට මරු කැඳවූ ගුවන් අනතුර

දකුණු දිග බ්‍රසීලයේ පෞද්ගලික ගුවන් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයන් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

අනතුරින් ගුවන් නියමුවා, ඔහුගේ බිරිඳ, දියණියන් තිදෙනා සහ තවත් පවුලේ සාමාජිකයන් කිහිපදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ගුවන් යානයේ නියමුවා සෙල කටයුතු කර ඇත්තේ, 61 හැවිරිදි Luiz Claudio Galeazzi නම් බ්‍රසීලයේ ව්‍යාපාරිකයෙකි.

මෙම බ්‍රසීල ව්‍යාපාරිකයා සිය පවුලේ සමාජිකයින් සමග සංචාරයක් සඳහා ගමන් කරමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී ඇත.

බ්‍රසීල සිවිල් ආරක්ෂක ඒජන්සිය ප්‍රකාශ කරන පරිදි, යානය කඩා වැටී ඇත්තේ, ග්‍රැමාඩෝ පළාතේ නිවාඩු නිකේතනයකටය.

එම අවස්ථාවේදී නිවාඩු නිකේතනයේ සිටි 17 දෙනකු ද තුවාල ලබා ඇති බව වාර්තා වේ.

එලෙස තුවාල ලැබූ පුද්ගලයන් අතරින් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර ඇත.