ආචාර්ය අයේෂා වික්‍රමසිංහ ජාතික ශිල්ප සභාවේ සභාපති ධුරයට
විලාසිතා නිර්මාණය හා නිෂ්පාදන ප්‍රවර්ධනය පිළිබඳ හසල දැනුමක් ඇති ආචාර්ය අයේෂා වික්‍රමසිංහ ජාතික ශීල්ප සභාවේ සභාපතිනිය ලෙස පත් කර තිබේ.
කර්මාන්ත හා ව්‍යවසායක්තව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ජාතික ශිල්ප සභාව දේශීය හස්ත කර්මාන්ත ප්‍රවර්ධනය සඳහා වන රාජ්‍ය ආයතනයයි.
එහි නව සභාපතිනිය ලෙස පත් වූ ආචාර්ය අයේෂා වික්‍රමසිංහ මොරටුව විශ්වවිද්‍යාලයේ විලාසිතා නිර්මාණය හා නිෂ්පාදන සංවර්ධනය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක ද වේ.
ලොව ප්රමුඛ පෙලේ සන්නාම ප්‍රවර්ධනය හා නිර්මාණය සඳහා රටවල් කිහිපයකම අත්දැකීම් ඇති ඇය විලාසිතා නිර්මාණය පිළිබද දෙස් විදෙස් සම්මාන රැසකින්ද පිදුම් ලබා තිබේ.