පළාත් පාලන මැතිවරණ සංශෝධන කෙටුම්පත මැතිවරණ කොමිසමට
රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය විසින් පළාත් පාලන මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත මැතිවරණ කොමිසමට යොමු කර තිබේ.
පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා අවලංගු කිරීමට කැබිනට් මණ්ඩලය ගත් තීන්දුව ද ඒ සමග යොමු කර ඇති බවයි, මැතිවරණ කොමිසම පැවසුවේ.
පළාත් පාලන මැතිවරණ පනත සංශෝධනය කිරීමෙන් පසු මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත්කළ හැකි බවයි මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා පැවසුවේ.
එම කටයුතු සිදුවූ වහාම මැතිවරණ දිනය කඩිනමින් ප්‍රකාශයට පත්කරන බවයි, ඔහු සඳහන් කළේ.
පළාත් පාලන මැතිවරණය ලබන සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට පෙර පැවැත්වීමට කටයුතු කරන බව, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගියදා මහනුවරදී ප්‍රකාශ කළේ ය.