මීගොඩ ඝාතන සිද්ධියට තවත් තිදෙනෙක් අත්අඩංගුවට
මීගොඩ නාගහවත්ත ප්රදේශයේදී වෙඩි තබා ඝාතනයක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේවන විට සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.
මීගොඩ නාගහවත්ත ප්රදේශයේදී මෝටර් රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු ඝාතනය කෙරුනේ පසුගිය 14 වෙනිදායි.
එම වෙඩි තැබීමෙන් ඝාතනයට ලක් වූයේ මීගොඩ ඕවිටිගම නාගහවත්ත ප්රදේශයේ පදිංචිව සිටි පොල්ලු පතිරගේ නලින් සඳුන් තරංග කල්දේරා නොහොත් බබා නැමැති 32 හැවිරිදි එක්දරුපියකි.
ඝාතනයට ලක්වු පුද්ගලයා පවුලේ අයවලුන් සමඟ ඉකුත් 14 වෙනි දින වැඩිමහල් සහෝදරයා වන උදාර මධුසංඛ අයගේ නිවසේ සාදයක් පවත්වා රාත්රී 11.15 ට පමණ සාදය නිමකර ඔහු පදිංචි නිවස කරා බිරිඳ සහ කුඩා දරුවා ද සමඟ මෝටර් රථයෙන් නිවස කරා යමින් සිටියදී නා ගහ වත්ත කැලෑබද ප්රදේශයකදී මාර්ගය අයිනේ සැඟවී සිටි පුද්ගලයන් දෙදෙනකු එක වරම මාර්ගයට පැමිණ මෝටර් රථයේ ඉදිරිපස රියදුරු අසුන දෙසට වෙඩි ප්රහාරයක් එල්ල කර පලා ගොස් තිබිණි.
එම වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර මීගොඩ පුවක් වත්ත ප්රදේශයේදී වෙඩික්කරු අත්අඩංගුවට ගත් අතර යුද හමුදාව සේවයෙන් පලා ගිය අයෙකු වන අතර ඔහු ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ අසල්වාසී නිවසක පදිංචිකරුවෙකි.
මිගොඩ කුරුඳුවත්ත ප්රදේශයේදී අත්අඩංගුවට අනෙක් සැකකරු ආධාර අනුබල දුන් පුද්ගලයා බවත් පොලිසිය කියයි
වෙඩික්කරුගෙන් අනාවරණය වූ තොරතුරු මත ඝාතනයේ සඳහා යොදා ගත් අංකය මකා දමන ලද ටී පනස් හයේ ගිනි ජීව උණ්ඩ සහ පතුරුම් ගැබ මීගොඩ දාම්පෙ මාර්ගයේ කෙළවර වෙල්යායේ කුඩා මඩුවක් ආසන්නයේ සඟවා තිබියදී පොලිසිය මගින් සොයා ගැනිණි
සැකකරුගෙන් සිදුකළ ප්රශ්න කිරීම්වලදී පවසා ඇති මීගොඩ පොඩි දනා නමැත්තාව විසින් ලබා දුන් කොන්ත්රාත්තුවක් මත මෙම ඝාතනය සිදුකළ බවයි
මීට වසරකට පමණක් ඉහතදී පැවති මංගල සාදයකදී මීගොඩ පොඩි දනා සහ ඝාතනයට ලක් වූ පුද්ගලයා අතර හටගත් ආරවුලක් මෙම ඝාතනයට හේතු වී ඇති බවද පොලිස් විමර්ශන වලදී වැඩිදුරටත් අනාවරණය වී ඇත
පොඩි දනා නැමැත්තා සමග පවතින හිතවත්කම මත කිසිදු මුදලක් ලබා නොගෙන මෙම ඝාතනය සිදුකළ බවද සැකකරු වැඩිදුරටත් පොලිසිය ප්රශ්න කිරීම් හමුවේදී පවසා ඇතැයි වාර්තා වේ.
ඒ අනුව අපරාධයට සම්බන්ධ වෙඩික්කරු ලෙස කටයුතු කළ සැකකරු හා ඊට ආධාර අනුබල දුන් තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබෙනවා.
ඔවුන්ගෙන් කළ ප්රශ්න කිරීම්වලදී මෙම අපරාධයට සම්බන්ධ තවත් සැකකරුවන් තුන් දෙනෙකු හෝමාගම හා මීගොඩ ප්රදේශවලදී ඊයේ (22) අත්අඩංගුවට ගැනුනා.
ඔවුන් අවුරුදු 22, 26 හා 38 යන වයස් කාණ්ඩවල පසුවන්නන්.