“Clean Sri Lanka” වැඩසටහන සඳහා වන කාර්ය සාධක බලකාය පත් කෙරේ
රජය මගින් ක්රියාත්මක කිරීමට නියමිත “Clean Sri Lanka” වැඩසටහන සැලසුම් කර ක්රියාත්මක කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය ස්ථාපිත කර එහි සාමාජිකයන් පත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අති විශේෂ ගැසට් පත්රයක් ප්රකාශයට පත් කර තිබේ.
ජනාධිපති ලේකම් එන් එස් කුමානායක, යුධ හමුදාපතිවරයා, නාවික හමුදාපතිවරයා,ගුවන් හමුදාපතිවරයා,වැඩබලන පොලිස්පතිවරයා කාර්ය සාධක බලකායේ සාමාජිකයින් අතර වෙයි.
මීට අමතරව නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ද මෙම කාර්ය සාධක බලකායට ඇතුළත් ය.
සාමාජිකයින් 18 දෙනෙකුගෙන් සමන්විත මෙම කාර්ය සාධක බලකායට ආචාර්ය අනුරුද්ධ ගමගේ,ආචාර්ය ගාමිණි බටුවිටගේ මහතාද නම් කර තිබේ.
සමාජීය,පාරිසරික හා ආචාර ධර්මීය පිබිදීමක් මගින් සමාජය වඩා දියුණු මට්ටමකට ඔසවා තැබීමේ අරමුණු ඉටුකර ගැනීම සඳහා ” ක්ලීන් ශ්රී ලංකා” වැඩසටහන සැලසුම් කිරීම ,මෙහෙයවීම , ක්රියාත්මක කිරීම මෙන්ම එහි කාර්යන් ඉටු කිරීම පිළිබඳව ප්රගතිය කලින් කලට ජනාධිපතිවරයාට ඉදිරිපත් කිරීමද මෙම කාර්ය සාධක බලකායට පවරා ඇත.