මියන්මාර සරණාගතයින් රැගත් යාත්‍රාවක් මුලතිව් වෙරළට

මියන්මාර සරණාගතයින් රැගත් යාත්‍රාවක් මුලතිව් වෙරළට

මියන්මාර ජාතිකයින් 100කට අධික පිරිසක් රැගත් බහුදින යාත්‍රාවක් මුලතිව්, මුල්ලිවයික්කාල් වෙරළ තීරයට පැමිණ ඇති බව මුලතිව්, නාවික නිලධාරීන් හා පොලීසිය පවසයි.

ඔවුන් සරණාගතයින් ලෙස මියන්මාරයේ සිට නීතිවිරෝධීව වෙනත් රටකට බහුදින යාත්‍රාවකින් රැගෙන යමින් සිටියදී එලෙස මුල්ලිවයික්කාල් වෙරළ තීරයට පැමිණ ඇති බවයි පැවසෙන්නේ.

අදාළ ධීවර යාත්‍රාවේ ගමන්ගත් පිරිසට ආහාර හා ජලය හිඟවීම මත යාත්‍රාව මුල්ලිවයික්කාල් වෙරළ තීරයට පැමිණ තිබෙනවා.

යාත්‍රාවේ සිටින පිරිස වෙත අවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා ජලය ලබාදීම නාවික හමුදාව විසින් සිදු කර තිබේ.

යාත්‍රාවේ කුඩා දරුවන් 25කට ආසන්න පිරිසක් සිටින බවටයි හෙළි ව ඇත්තේ.

ඉදිරියේ දී යාත්‍රාව සහ පිරිස සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවයි පැවසෙන්නේ.