රජයට අයත් වාණිජමය නොවන ආයතනවලට කරන්න යන දේ
රජයට අයත් වාණිජමය නොවන ආයතන පිළිබඳ සමාලෝචනය කිරීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
අත්‍යවශ්‍ය මහජන සේවාවන් සැපයීම, ජාතික ආරක්ෂාව, නීතිය හා සාමය රැකීම, විවිධ නියාමන කටයුතු, භාණ්ඩ හා සේවා සැපයීමට අදාළව වෙළෙඳ පොළ කටයුතුවලට මැදිහත්වීම, සම්පත් සාධාරණව බෙදා හැරීම, ආපදා කළමනා කරණය සහ සමාජ සුබ සාධනය වැනි ප්‍රධාන කාර්යයන් රජය වෙත පැවරී ඇත.
එම කාර්යයන් ක්‍රියාත්මක කිරීම සඳහා ආරක්ෂක අංශ සහ පොලිසිය හැරුණු විට දෙපාර්තමේන්තු 86 ක්, දිස්ත්‍රික් ලේකම් කාර්යාල 25 ක් හා ප්‍රාදේශීය ලේකම කාර්යාල 339ක්, රජයට අයත් ව්‍යාපාර 340 ක් සහ වාණිජමය නොවන රාජ්‍ය ව්‍යවස්ථාපිත ආයතන 115 ක් මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතී.
ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ පවතින වාණිජමය නොවන රාජ්‍ය ව්‍යවස්ථාපිත ආයතන 115 ක් සඳහා සහ රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතට ගැනෙන ආයතන 51ක් සඳහා 2024 වර්ෂය වෙනුවෙන් ජාතික අයවැය මඟින් රුපියල් බිලියන 140ක් පමණ වෙන් කර ඇත.
වත්මන් අවශ්‍යතා වලට ගැලපෙන අයුරින් එම ආයතන යාවත්කාලීන නොවීම, පැවරී ඇති බලතල ප්‍රමාණවත් නොවීම හෝ නොගැලපීම, එම ආයතන වෙත පැවරී ඇති කාර්යයන් පෞද්ගලික අංශය විසින් වඩාත් කාර්යක්ෂම අයුරින් ඉටු කිරීම සහ එකම හෝ සමාන හෝ කාර්යයන් ඉටු කරනු ලබන ආයතන කිහිපයක් පැවතීම වැනි කරුණු හේතුවෙන් රජයට අයත් වාණිජමය නොවන ආයතන පිළිබඳ සමාලෝචනයක් සිදු කිරීම කාලීන අවශ්‍යතාවක් බවට පත්ව තිබේ.
ඒ අනුව, එවැනි සමාලෝචනයක් සිදු කර නිර්දේශ සහිත වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් යුත් නිලධාරී කමිටුවක් පත් කිරීම පිණිස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දී ඇත.
එම කමිටු සමාජිකයින් පහත පරිදි වේ.
අග්‍රාමාත්‍ය ලේකම් – සභාපති
ලේකම් – අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය
ලේකම් – කෘෂිකර්ම හා පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය
ලේකම් – කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය
ලේකම් – වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය
මහා භාණ්ඩාගාර ලේකම් විසින් නම් කරන ලද නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම්වරයෙක්
රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් විසින් නම් කළ එම අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙක්
ජාතික අයවැය අධ්යක්ෂ ජනරාල්
අධ්යක්ෂ ජනරාල් – කළමනාකරණ දෙපාර්තමේන්තුව
අධ්යක්ෂ ජනරාල් – රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව
සභාපති – විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව