දුම්රියෙන් ඇද වැටී එක්දරු පියා මරුට

දුම්රියෙන් ඇද වැටී එක්දරු පියා මරුට

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වූ රාත්‍රි තැපැල් දුම්රියෙන් අද (19) දින ගමන් කරමින් සිටි එක්දරු පියෙක් දුම්රියෙන් ඇද වැටී ජීවිතක්ෂයට පත් වී ඇති බව දිඹුල පතන පොලිසිය පැවසීය.

මෙසේ ජීවිතක්ෂයට පත් වී ඇත්තේ කොටගල ගංගායිපුරම් ප්‍රදේශයේ පදිංචිව සිටි වෙල්ලසාමි ජයකුමාර් නැමති 40 හැවිරිදි එක්දරු පියෙකි.

රාත්‍රි තැපැල් දුම්රිය අද අලුයම 04 ට පමණ කොටගල දුම්රිය ස්ථානය වෙත ළගා වී ඇති අතර, දුම්රිය යලිත් බදුල්ල දක්වා ධාවනය කල අවස්තාවේ කොටගල දක්වා දුම්රියෙන් පැමිණි ජීවිතක්ෂයට පත් පුද්ගලයාට කොටගල දුම්රිය ස්ථානයෙන් බැසීමට නොහැකි වු නිසා ඔහු දුම්රියෙන් බැසීමට උත්සහ කිරිමේදී දුම්රියෙන් ඇද වැටී ජීවිතක්ෂයට පත් වන්නට ඇති බවට අනතුර සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන දිඹුල පතන පොලිසිය සැකකරයි.

නානුඔය සිට කොළඹ දක්වා අද අලුයම ධාවනය වූ දුම්රියේ රියදුරු විසින් කොටගල සහ තලවකැලේ දුම්රිය ස්ථාන දෙක අතර දුම්රිය මාර්ගය අසල මල සිරුරක් ඇති බවට දැක පසුව එම දුම්රියෙන් සිරුර කොටගල දුම්රිය ස්ථානය දක්වා රැගෙනවිත් භාර දි ඇත.

මිය ගිය එක්දරු පියා සතුව කොළඹ කොටුව සිට කොටගල දක්වා ගමන් කිරිමට දුම්රිය ප්‍රවේශපත්‍රයක් තිබි හමු වී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් දිඹුල පතන පොලිසිය පරික්ෂණ පවත්වයි.