අර්චුනාගේ මන්ත්‍රී ධුරය බල රහිත කරන්නැයි ඉල්ලා ගොනු කළ පෙත්සමට අධිකරණය දුන් නියෝගය
පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ජුන් රාමනාදන් මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභිනව නිවහල් පෙරමුණේ සභාපති ඕෂල හේරත් මහතා අභියාචනාධිකරණය හමුවේ ගොනුකළ පෙත්සම ලබන වර්ෂයේ ජනවාරි 15 වන දින සලකා බැලීමට අද දින නියම කළේය.
අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන සෝභිත රාජකරුණා සහ මහේන් ගොපල්ලව යන මහත්වරුන්ගේ සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම සලකා බැලිණි.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ජුන රාමනාදන්, පාර්ලිමේන්තු මහලේකම්වරයා ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.
පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ජුන රාමනාදන් මහතා පාර්ලිමේන්තුවට තරග කිරීමේදී රජයේ වෛද්‍යවරයකු වශයෙන් සේවය කරමින් සිටියේය.
පාර්ලිමේන්තු මැතිවරණ පනත හා අනෙකුත් ව්‍යාවස්ථාපිත නීතීන් අනුව පාර්ලිමේන්තු මැතිවරණය තරග කිරීමේදී සිය රාජකාරීවලින් ඉවත් විය යුතු වුවත් එසේ කර නොමැති බව පෙත්සම්කරු සිය පෙත්සමෙන් සඳහන් කර ඇත.