මගේ සියලු අධ්‍යාපන සුදුසුකම් හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා

මගේ සියලු අධ්‍යාපන සුදුසුකම් හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා

තමා සතු සියලුම අධ්‍යාපන සුදුසුකම් හෙට (18) උදෑසන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

අද (17) පාර්ලිමේන්තුවේදී අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේය.

“හෙට උදෑසන මගේ සියලුම අධ්‍යාපන සුදුසුකම් මේ සභාවේ ඉදිරිපත් කරන්න මම බලාපොරොත්තු වෙනවා.

උපාධි සහතිකය පමණක් නෙමෙයි ඉන් ඔබ්බට ගිය හැම සහතිකයක්ම ඉදිරිපත් කරන්න මම බලාපොරොත්තු වෙනවා.”