මන්ත්‍රී රාමනාදන් අර්චුනා ඇප මත මුදා හැරේ
යාපනය ශික්ෂණ රෝහලට පැමිණ එහි අධ්‍යක්ෂකවරයාට සහ නිළධාරීන්ට බැන තර්ජනය කළ බවට චෝදනා එල්ල වූ පාර්ලිමේන්තු මන්ත්‍රි රාමනාදන් අර්චුනා සහ ඔහු සමග සිටි කාන්තාවක ඇප මත මුදාහැර තිබේ.
ඒ සිද්ධියට අදාළ නඩුව අද (16) යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැදවූ අවස්ථාවේදීයි.
එහිදී මහේස්ත්‍රාත්වරයා විසින් මන්ත්‍රිවරයාට දැඩි ලෙස අවවාද කොට මුදාහැර තිබේ.
තමන්ට බැන තර්ජනය කළ බව පවසමින් යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ටී. සත්‍යමූර්ති විසින් පසුගියදා යාපනය පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.