යතුරුපැදි අනතුරකින් පාසල් සිසුවියක් මරුට
මහනුවර විලියම් ගොපල්ලව මාවතේදී අද (16) උදෑසන සිදුවූ යතුරු පැදි අනතුරකින් 17 හැවිරිදි පාසල් සිසුවියක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
මියගිය සිසුවිය පියා සමඟ ගෙළිඔය සිට යතුරු පැදියකින් මහනුවරට පැමිණෙමින් සිටිය දී යතුරු පැදිය ලිස්සා ගොස් ඇය මාර්ගයට ඇදවැටීමෙන් පසු ඊට පසුපසින් පැමිණි පෞද්ගලික බස් රථයට ඇය යට වී තිබෙන බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ.
අනතුරින් මියගිය සිසුවිය ගැටඹේ මහානාම විදුහලේ උසස් පෙළ හදාරණ බවත්, ඇය සිය පියා සමග අමතර පංතියකට එමින් සිටියදී මෙම අවාසනාවන්ත අනතුරට ලක්ව ඇති බවත් මහනුවර පොලීසිය පැවසීය.
අනතුරින් මියගොස් ඇත්තේ, ඉෂාලා දේශානි කැතිකැනැල්ල නැමැති ගෙළිඔට පෙතියාගොඩ පදිංචි සිසුවියකි.
අනතුරින් යතුරු පැදිය පැදවූ පියාට කිසිදු තුවාළයක් හෝ සිදුව නැති බව පොලීසිය පවසයි.
අනතුරට ලක්වූ යතුරු පැදිය සහ පුද්ගලික බස්රිය ගැටඹේ දෙසසිට මහනුවර දෙසට ධාවනය වෙමින් තිබූ බව පොලීසිය පවසයි.