පළාත් කිහිපයකට තද වැසි
උතුරු සහ නැගෙනහිර පළාත්වලට වැසි වාර කීපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
සෙසු ප්‍රදේශ වලට සවස් කාලයේ හෝ රාත්‍රි කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් ඇතැම් ස්ථාන වලට මිලි මීටර් 75ක් පමණ තරමක තද වැසි ඇති විය හැකියි.
බස්නාහිර පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වෙරළබඩ ප්‍රදේශවලත් ඇතැම් ස්ථාන වලට උදෑසන කාලයේ වැසි ඇති විය හැකියි.