උතුරේ හඳුනානොගත් උණ රෝගයකින් මියගිය කිහිපදෙනෙකුගේ මරණ වලට හේතුව හෙළිවෙයි
උතුරු පළාතේ හඳුනානොගත් උණ රෝගයකින් මිය ගිය 7 දෙනාගෙන් කිහිපදෙනෙකු මී උණ හේතුවෙන් මිය ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.
ඒ සම්බන්ධයෙන් සිදුකළ වෛද්‍ය පරීක්ෂණ වලිනුයි ඒ බව තහවුරු වී ඇත්තේ.
සාමාන්‍යයෙන් වසරකට මෙරට මී උණ රෝගීන් දසදහසක් වාර්තා වුව ද මේ වසරේ එය දොලොස්දහස දක්වා ඉහළ ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරන්නේ.