වගාහානි සඳහා ලක්ෂයක වන්දියක්

වගාහානි සඳහා ලක්ෂයක වන්දියක්

ගොවීන්ට සිදු වූ වගා හානිය වෙනුවෙන් හෙක්ටයාරයක් සඳහා රුපියල් ලක්ෂයක පූර්ණ වන්දි මුදලක් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියාසිටියේ, වගා බිම් සකස්කර ගැනීම සඳහා ගොවිජනතාව වෙත ප්‍රදේශයේ රාජ්‍ය ආයතනයනවල සහාය ලබාගැනීමට ද අවස්ථාව සපයා දී ඇති බවය.

වගාබිම් සකස්කිරිමේදී පවතින චක්‍රලේඛ ගැන නොසිතා අවබෝධයෙන් කටයුතු කරන ලෙස නිලධාරින්ට උපදෙස් ලබාදුන් බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවසීය.