පියා කැපූ ගසේ අත්තක් වැදී දරුවෙකු ජීවිතක්ෂයට

පියා කැපූ ගසේ අත්තක් වැදී දරුවෙකු ජීවිතක්ෂයට

ගොඩකවෙල පොලිස් වසමේ අම්මඩුව ප්‍රදේශයේදී ගසක අත්තක් හිසේ වැදී 13 හැවිරිදි දරුවෙකු ජීවිතක්ෂය පත්ව තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ, ගොඩකවෙල, රන්වල, වෙළඟපොල පදිංචිව සිටි එස්.ටී. ලක්ෂාන් නැමැති දරුවෙකි.

මියගිය දරුවාගේ පියා සහ තවත් පුද්ගලයෙකු දිරා ගිය කොස් ගසක් කපා බිම දැමීමේදී එහි අත්තක් මියගිය දරුවාගේ හිසෙහි වැදීමෙන් මෙම මරණය සිදුව ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී තිබේ.

පොලීසිය පැවසුවේ ඊයේ (11) පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති බවය

මෘත ශරීරය ගොඩකවෙල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, ගොඩකවෙල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.