දකුණු කොරියානු හිටපු ආරක්ෂක ඇමති දිවිනසාගන්න හදලා
දකුණු කොරියාව තුළ ඉකුත් 3 වැනි දින ක්‍රියාත්මක වූ අසාර්ථක වූ යුද නීතිය පැනවීමේ ක්‍රියාවලියේදී ප්‍රධාන භූමිකාවක් ඉටුකළ බවට චෝදනා ලැබ සිටින එරට හිටපු ආරක්ෂක අමාත්‍ය කිම් යොං-හ්යුන් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගැනීමට ටික වේලාවකට පෙර ඔහු සියදිවි නසාගැනීමට තැත්කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පසුගිය බ්‍රහස්පතින්දා ධූරයෙන් ඉල්ලා අස්වූ ආරක්ෂක අමාත්‍යවරයා ඉකුත් ඉරිදා සිට රඳවාගෙන සිට තිබේ.
අනතුරුව ඔහුව නිල වශයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ දිනයේදීය.
කෙටිකාලීන යුද නීතිය පැනවීමෙන් පසු “අයිතිවාසිකම් ක්‍රියාත්මක කිරීමට බාධා කිරීම සඳහා අධිකාරිය අනිසි ලෙස භාවිත කිරීම” ඇතුළු විවිධ චෝදනා හිටපු ආරක්ෂක අමාත්‍ය කිම් යොං-හ්යුන් ට එරෙහිව ගොනුකර ඇත.
සෝල් මධ්‍යම දිස්ත්‍රික් උසාවියේ ප්‍රකාශකයෙකු AFP පුවත් සේවය වෙත පවසා ඇත්තේ, චෝදනා වලට අදාළ සාක්ෂි විනාශ විය හැකි බවට ඇති කනස්සල්ල මධ්‍යයේ කිම් අත්අඩංගුවට ගත් බවයි.
පාර්ලිමේන්තු විමර්ශනයක් අතරතුර, කොරියානු විශෝධන සේවයේ කොමසාරිස් ජනරාල්වරයා කියාසිටියේ කිම් අත්අඩංගුවට ගැනීම නිවේදනය කිරීමට මිනිත්තු කිහිපයකට පෙර ඔහු සියදිවි නසාගැනීමට උත්සාහ කළ බවයි.
මධ්‍යම රාත්‍රියට ටික වේලාවකට පෙර හිටපු ආරක්ෂක අමාත්‍ය Kim Yong-hyun Seoul Dongbu රැඳවුම් මධ්‍යස්ථානයේදී සියදිවි නසාගැනීමට තැත්කළ බව වාර්තා වේ.
කිම් ඔහුගේ ඇඳුමේ නූලක් භාවිත කර වැසිකිළිය තුළ සියදිවි නසාගැනීමට උත්සාහ කර ඇත.
රොයිටර් පුවත් සේවය වාර්තා කළේ, හිටපු ආරක්ෂක අමාත්‍යවරයා සියදිවි නසාගැනීම සඳහා යට ඇඳුම් භාවිත කර ඇති බව බවත්, ඔහුගේ ජීවිතයට මේ වන විට තර්ජනයක් නොමැති බවත්ය.
දකුණු කොරියාවේ හිටපු ආරක්ෂක අමාත්‍ය කිම් යොං-හ්යුන් ජනාධිපති යූන් සුක් යෝල්ගේ කෙටි යුද නීතිය ප්‍රකාශ කිරීම සම්බන්ධ කැරලි චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයට ලක්ව සිටියි.
AFP හි වාර්තාවකට අනුව, “කැරැල්ලකදී තීරණාත්මක රාජකාරිවල යෙදීම” සහ “අයිතිවාසිකම් ක්‍රියාත්මක කිරීමට බාධා කිරීම සඳහා අධිකාරිය අනිසි ලෙස භාවිතා කිරීම” ඇතුළු චෝදනා මත මේ වන විට ඔහු අත්අඩංගුවට ගෙන ඇත.