ශිෂ්‍යත්ව විභාගයට අදාල පෙත්සම් විභාගය කල් යයි
මෑතකදී අවසන් වූ 5 වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් කලින් පිටවීම හේතුවෙන් ප්‍රශ්න පත්‍රය සඳහා යළි විභාගය පවත්වන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනුකර ඇති පෙත්සම් වලට අදාළ විභාගය මේ මස 16 වනදා දක්වා කල්තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියම කළේය.
මෙම පෙත්සම් අද (11) එස්. තුරෙයි රාජා සහ ශිරාන් ගුණරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.