ජනපති 15 වෙනිදා ඉන්දීය සංචාරයක

ජනපති 15 වෙනිදා ඉන්දීය සංචාරයක

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එළඹෙන 15 වනදා ඉන්දීය සංචාරය ආරම්භ කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමින් කැබිනට් ප්‍රකාශකවරයා සඳහන් කළේ, ජනාධිපතිවරයාගේ අදාළ සංචාරයේ දී ඉන්දී අග්‍රාමාත්‍යවරයා ඇතුළු ඉහළ පෙළේ රාජ්‍ය නායකයන් හමු වීමට නියමිත බවයි.

මේ අතර මෙම සංචාරය සඳහා ජනාධිපතිවරයා සමග විදේශ කටයුතු අමාත්‍යවරයා සහ මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා ද සහභාගි වන බවයි කැබිනට් ප්‍රකාශකවරයා සඳහන් කළේ.

ජනපතිවරයා දෙසැම්බර් 15 වනදා සිට 17 වනදා තෙක් ඉන්දියාවේ සංචාරය කරන බව ද එහිදී කියා සිටියා.