වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව තවත් වසරකින් දීර්ඝ කිරීමට පියවර

වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව තවත් වසරකින් දීර්ඝ කිරීමට පියවර

වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යාමේ වයස 63 දක්වා දීර්ඝ කිරීමට කටයුතු කරමින් සිටින බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසයි.

ඒ සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලැබී ඇති බවත් ලබන සතියේ ඊට අදාළ කටයුතු සිදු කෙරෙන බවත් අමාත්‍යාංශ ලේකම් අලෝක බණ්ඩාර මහතා සඳහන් කළේය.

ඒ අනුව, දැනට 62 ලෙස දක්වා තිබෙන වෛද්‍යවරයෙකුගේ විශ්‍රාම යාමේ වයස තවත් වසරකින් දීර්ඝ කෙරුණු ඇති.