පාලන මිල ඉක්මවා සහල් විකුණන වෙළෙඳුන් සොයා වැටලීම්

පාලන මිල ඉක්මවා සහල් විකුණන වෙළෙඳුන් සොයා වැටලීම්

පාලන මිලට සහල් අලෙවි නොකරන වෙළෙඳුන් සොයා අද (10) දිනයේ සිට වැටලීම් ක්‍රියාත්මක කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය දැනුම් දෙනවා.

ඒ, අනුව නීතියට පටහැනිව කටයුතු කරන වෙළෙඳුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි එම අධිකාරිය පැවසුවේ.

මේ අතර පෞද්ගලික අංශය විසින් ආනයනය කළ සහල් තොගයේ පළමු තොගය හෙට දිනය පමණ වනවිට මෙරටට ලැබෙනු ඇති බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසනවා.

එමෙන්ම ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්ක වල සහල් මෝල් පරීක්ෂාව අද දිනයේත් සිදු කෙරෙනවා.

එම සහල් මෝල් වලින් දෛනිකව නිකුත් කරන සහල් තොග පිළිබඳව වාර්තා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරින් විසින් ලබා ගැනීම සිදු කෙරෙනවා.

මෙම කටයුතු අඛණ්ඩව දින 10ක් සිදු කෙරෙන බවයි එම අධිකාරිය සඳහන් කළේ.

මේ අතර දේශීය සහ ආනයනික සහල් වලට උපරිම මිලක් නියම කළ ගැසට් නිවේදනය ඊයේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මඟින් නිකුත් කරනු ලැබුවා