වැස්සට පස සේදී යාමත් සමග මුලතිව් වලින් බෝම්බ වළක් මතුවෙයි

වැස්සට පස සේදී යාමත් සමග මුලතිව් වලින් බෝම්බ වළක් මතුවෙයි

මහ වැස්ස නිසා පස සේදී යාමත් සමගම මුලතිව් මුල්ලිවයික්කාල් ප්‍රදේශයෙන් බෝම්බ වලක් මතු වී තිබී පොලීසිය විසින් එම බෝම්බ ඊ‍යේ (08) සොයා ගෙන තිබේ.

එම බෝම්බ වලේ විවිධ වර්ග වලට අයත් බෝම්බ 40 ක් පමණ ඇති බව මුලතිව් පොලීසිය සදහන් කරයි.

මෙම වලේ ඇති බෝම්බ යුද සමයේදී එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් වළ දමන ලද බෝම්බ තොගයක් බව පොලීසිය සදහන් කරයි.

මෙම බෝම්බ වල දුටු පුද්ගලයෙකු මුලතිව් පොලීසියට ලබා දුන් දුරකතන පණිවුඩයකින් පසුව පොලීසිය පැමිණ එම ස්ථානය ආරක්ෂා කර තිබේ.

බෝම්බ වල තුළ ඇති බෝම්බ ඉවත් කොට වෙනත් ස්ථානයකට රැගෙන යන්නේද එසේත් නොමැති නම් මේ ස්ථානයේම තබා එම බෝම්බ විනාශ කරන්නේද යන්න පිළිබදව මෙතෙක් ස්ථිර තීරණයක් ගෙන නොමැත.

මුලතිව් පොලීසිය මේ සම්බන්ධයෙන් මුලතිව් අධිකරණය දැණුවත් කොට අධිකරණ නියෝගයක් ලබා ගැනීමට පියවර ගෙන තිබේ.