ඇමරිකානු දූත පිරිස කතානායක හමුවෙති
ඇමරිකා එක්සත් ජනපදයේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ කාර්යාංශයේ සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ (Donald Lu) මහතා ප්රමුඛ එක්සත් ජනපද ඉහළ පෙළේ නියෝජිතයෝ කථානායක අසෝක රන්වල මහතා පාර්ලිමේන්තු පරිශ්‍රයේදී හමුවූහ.
ඇමරිකා එක්සත් ජනපද සංවර්ධන නියෝජිතායතනයේ (USAID) ආසියා කාර්යාංශයේ නියෝජ්‍ය සහකාර පරිපාලක අංජලී කෞර් (Anjali Kaur) මහත්මිය සහ එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ ආසියානු නියෝජ්‍ය සහකාර ලේකම් රොබට් කප්‍රෝත් (Robert Kaproth) මහතා ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් මෙම දූත පිරිසට ඇතුළත්ව සිටියහ.
එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ නියෝජිතායතනයේ (USAID) අනුග්‍රහය මත ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව මගින් ක්‍රියාත්මක වූ වැඩසටහන් ගණනාවක් ජනතාව සහ පාර්ලිමේන්තුව අතර සබඳතාව ඉහළ නැංවීමට ඉවහල් වූ බව පෙන්වා දුන් කථානායකවරයා ඒ පිළිබඳව සිය ස්තුතිය පළ කළේය.
එසේම ඉදිරියේදීත් පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කිරීමට ඇමරිකා එක්සත් ජනපද සහාය අපේක්ෂා කරන බව ද කථානායකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ සංවර්ධනය සඳහා මෙන්ම පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කිරීමට එක්සත් ජනපදයේ සහය තවදුරටත් ලබාදීමට කටයුතු කරන බව ඇමරිකා එක්සත් ජනපදයේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ කාර්යාංශයේ සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ මහතා මෙහිදී ප්‍රකාශ කළේය.