ලොහාන් සහ බිරිඳට ඇප
රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ සහ ඔහුගේ බිරිඳ වන රෂී ප්‍රභා රත්වත්තේ අද (05) ඇප මත මුදාහැරුණා.
සැකකරුවන් නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එලෙස ඇප නියම කෙරුනා.
ඒ අනුව දෙදෙනාටම රුපියල් 25,000ක මුදල් ඇපය බැගින් සහ එක් අයෙකුට රුපියල් ලක්ෂ 10ක ශරීර ඇප 2ක් බැගින් නියම කර තිබේ.
ඊට අමතරව ලොහාන් රත්වත්තේ මහතාට විදෙස් ගමන් තහනමක් ද පනවා ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
නීති විරෝධිව විදේශයකින් මෙරටට ගෙන්වා එකලස් කරන ලද මෝටර් රථයක් භාවිත කළ බවට වන චෝදනාවට අදාළව ලොහාන් රත්වත්තේ මහතා සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළා.
පොලිස් භාරයට ගත් මෝටර් රථයේ එන්ජින් සහ චැසි අංක ඔස්සේ සිදුකළ විමර්ෂණ වලදී එය මෙරට ලියාපදිංචි කළ රථයක් නොවන බවට තහවුරු වු බවයි පොලිසිය පැවසුවේ.
අදාළ සුඛෝපභෝගී රථයේ ඉදිරිපස සහ පසුපස අංක තහඩු ද ගලවා ඉවත් කර තිබෙන බවයි පැවසෙන්නේ.