පුංචි ඡන්දය ජනවාරියේ
ආණ්ඩුව ප්‍රකාශ කළ ආකාරයට පළාත් පාලන මැතිවරණය ලබන ජනවාරියේදී පැවැත්වීමට සූදානම් බව මැතිවරණ කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.
ප්‍රධාන මැතිවරණ දෙකක් පැවැත්වූ හෙයින් පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා කටයුතු සූදානම් කිරීමට දින හතළිහක පමණ කාලයක් අවශ්‍ය වන බවද ඔහු ප්‍රකාශ කළේය.
පළාත් පාලන මැතිවරණය අලුත්ම මැතිවරණයක් මෙන් නොව වෙනස්කම් ගණනාවකට භාජනයවූ එකක් බවද හෙතෙම සඳහන් කළේය.
රජය ප්‍රකාශ කළ ආකාරයට පළාත් පාලන මැතිවරණය ලබන ජනවාරියේ හෝ පෙබරවාරියේ පැවැත්වීමට හැකියාව තිබෙන බව පැවසූ අධ්යක්ෂ ජනරාල්වරයා පසුගිය ජනාධිපතිවරණයට සහ මහ මැතිවරණයට යොදාගත් නිලධාරීන් එම මැතිවරණයටද යොදා ගත හැකි බව ප්‍රකාශ කළේය.
මේ අතර පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මුල් කාලසීමාවේදී පැවැත්වීමට කටයුතු කරන බව ආණ්ඩුව පසුගියදා නිවේදනය කළේය.