පියාගේ පාංශුකූලයට එන්න පමා උනැයි හිමිවරු දෙදෙනෙකුට පහරදීලා

පියාගේ පාංශුකූලයට එන්න පමා උනැයි හිමිවරු දෙදෙනෙකුට පහරදීලා

මියගිය පියාගේ පාංශුකූලයට පැමිණීමට පමාවූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ස්වාමීන් වහන්සේලා දෙනමකට පහරදුන් බව කියන කාන්තාවන් දෙදෙනකු ඇතුළු එකම පවුලේ 5 දෙනකු ඊයේ (1) අත්අඩංගුවට ගත් බව දෙහිවල පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු දෙහිවල සහ පිළියන්දල ප්‍රදේශයේ පදිංචි 38 ත් 49 අතර කාන්තාවන් දෙදෙනකු සහ අවුරුදු 19 ත් 24 ත් අතර පසුවන පුද්ගලයන් තිදෙනෙකි.

සැකකරුවන්ගේ පියා අභාවප්‍රාප්තවීමෙන් අනතුරුව අවසන් කටයුතු සිදුකිරීම සදහා පාංශුකූලය ලබාදීම සදහා දෙහිවල ප්‍රදේශයේ විහාරස්ථානයක විහාරාධිපති හිමියන්ට සැකකරුවන් විසින් ආරාධනා කර තිබූ බව පොලිසිය පවසයි.

පසුව නියමිත වේලාවට පාංශුකූලය ලබාදීම සදහා පිටත්වීමට ස්වාමීන්වහන්සේලට නොහැකි වී ඇති අතර එහිදී සැකකරුවන් එම විහාරස්ථානයට පැමිණ හිමිවරුන් දෙනමකට පහරදී ඇති බව පොලිස් විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී ඇත.