අම්පාරේ ට්රැක්ටර් රථ රියදුරුගේ සහ සහයකගේ මළ සිරුරු හමුවෙයි
අම්පාර – මාවඩ්ඩිපල්ලි ප්රදේශයේදී ට්රැක්ටර් රථයක් පෙරලීමෙන් අතුරුදන්ව සිටි එහි රියදුරු සහ ඔහුගේ සහයකයෙකුගේ මළ සිරුරුද අද (28) උදෑසන සොයාගෙන තිබේ.
එම අනතුරින් අතුරුදන් වූ සිසුන් 04 දෙනෙකුගේ මළ සිරුරු මීට පෙර සොයාගත් අතර, තවත් සිසුන් දෙදෙනෙකු අතුරුදන් බවයි, පොලීසිය කියා සිටියේ.
ට්රැක්ටර් රථය රළ පහරට හසු වන විට එහි රියදුරු සමග ඔහුගේ සහයකයින් දෙදෙනෙක් ගමන් කර තිබූ අතර ඉන් එක් අයෙකු අතර මගදී පැන ගොස් තිබුණි.
ඔහු අද (28) උදෑසන කාර්තිව් පොලිස් ස්ථානයට පැමිණ භාර වී ඇති බව සඳහන්.
පොලිස් ස්ථානයට ඉදිරිපත් වු ඔහු ගංවතුර තත්ත්වය අතරතුර ආරක්ෂක අංශ උපදෙස් නොතකමින් අනතුරුදායක ලෙස ට්රැක්ටර් රථයෙන් මුදලට පුද්ගලයින් ප්රවාහනය කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් බව කාර්තිව් පොලීසිය සඳහන් කළේය.