දීඝ දන්තු 01 හස්තියා විදුලි සැර වැදී මරුට
කලා වැව රක්ෂිතයේ සැරිසැරූ විශාලම දළ යුගලය හිමි ඇතා ලෙස සැලකෙන දීඝ දන්තු 01 නැමැති හස්තියා විදුලි සැර වැදී ජීවිතක්ෂයට පත්ව තිබේ.
අනුරාධපුර, පලාගල, හිඟුරුවැව, ආඩියාගල ප්රදේශයේ නිවසක අනවසරයෙන් ඇද තිබූ විදුලි රැහැනක ගැටීමෙන් එම හස්තියා මියගොස් ඇති බවයි, වනජීවි දෙපාර්තමේන්තුව සදහන් කළේ.
කලා වැව රක්ෂිතයට අමතරව කහල්ල – පල්ලෙකැලේ රක්ෂිතයේ ද මෙම දළ ඇතා සැරිසරා තිබේ.
දළ දෙකේ විශාලත්වය සහ වයසින් වැඩිම හස්තියා වීම මෙම සත්ත්වයාගේ විශේෂත්වය වෙයි.
සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිරියාගම වනජීවී කාර්යාල නිලධාරීන් සහ ගල්කිරියාගම පොලීසිය එක්ව වැඩිදුර පරීක්ෂණ ක්රියාත්මක කරනු ලබයි.