නීති විද්‍යාල ප්‍රවේශ විභාගය කල්දමයි

නීති විද්‍යාල ප්‍රවේශ විභාගය කල්දමයි

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් එළඹෙන දෙසැම්බර් මස පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා නීති විද්‍යාල පොදු ප්‍රවේශ විභාගය (2024) කල්දැමීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

අද (28) පැවැති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ඒ බව සඳහන් කළේය.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, ජ්‍යෙෂ්ඨ සංඛ්‍යාලේඛනඥ සහ සංඛ්‍යාලේඛනඥ නිලධාරීන් සඳහා වන කඩඉම් විභාගය ද (2016/24) එලෙස අදාළ දිනවලදී නොපැවැත්වෙන බවය.

අදාළ විභාග දෙක දෙසැම්බර් 01 සහ 02 යන දිනයන් හිදී පැවැත්වීමට සූදානම් කර තිබූ නමුත් එම දිනවලදී අදාළ විභාග නොපැවැත්වෙන බවයි, විභාග දෙපාර්තමේන්තුව අද නිවේදනය කළේ.