නුවරඑලිය ගම්පොල ප්‍රධාන මාර්ගයේ රථ වාහන ගමනා ගමනයට බාධා

නුවරඑලිය ගම්පොල ප්‍රධාන මාර්ගයේ රථ වාහන ගමනා ගමනයට බාධා

නුවරඑලිය ගම්පොල ප්‍රධාන මාර්ගයේ ලබුකැලේ කොණ්ඩකැලේ ප්‍රදේශයෙන් ප්‍රධාන මාර්ගයට විශාල පස් කන්දක් කඩාවැටිමෙන් එම මාර්ගයේ රථ වාහන ධාවනයට බාධා පැමිණ ඇති බව නුවරඑලිය පොලිසිය පැවසිය.

(27) දින රාත්‍රි 9 ට පමණ පස් කන්ද ප්‍රධාන මාර්ගයට කඩා වැටි ඇති බවත්, මේ වන විට මාර්ගයට කඩා වැටි ඇති පස් කන්දෙන් කොටසක් ඉවත් කර රථ වාහන ගමනා ගමනය එක් මංතිරුවකට සිමා කර ඇති බවත් වාර්තා වේ.

තවදුරටත් ප්‍රදේශයේ පවතින අයහපත් කාලගුණය හමුවේ එම මාර්ගයට පස් කදු කඩා වැටිමේ අවධානමක් පැවතීම හේතුවෙන් රථ වාහන ධාවනය කිරිමේදි සැලකිලිමත් ලෙස රිය ධාවනය කරවන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.