දැදුරුඔය ආශ්‍රිත ජනතාවට විශේෂ දැනුම්දීමක්

දැදුරුඔය ආශ්‍රිත ජනතාවට විශේෂ දැනුම්දීමක්

පවතින අයහපත් කාලගුණයත් සමග දැදුරුඔයේ වාන් දොරටු විවෘත කර තිබෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

ඒ හේතුවෙන්, නිකවැරටිය, හලවත, ආරච්චිකට්ටුව, බිංගිරිය, වාරියපොල සහ කොබෙයිගනේ යන ප්‍රදේශවල පදිංචිකරුවන් ගංවතුර තත්ත්වයන් පිළිබඳව අවධානයෙන් සිටින ලෙස‍ වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.