කොළඹ – බදුල්ල රාත්රී තැපැල් දුම්රියන් අදත් අවලංගුයි
අධික වර්ෂාව සමඟ දුම්රිය මාර්ගවලට පස් කඳු හා ගස් කඩා වැටීම හේතුවෙන් රාත්රී තැපැල් දුම්රිය දෙකක් අවලංගු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් අද (27) පස්වරුවේ පැවසීය.
ඒ අනුව, බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන රාත්රී තැපැල් දුම්රිය සහ කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වන රාත්රී තැපැල් දුම්රිය දෙක මෙසේ අවලංගු කළ බව එම නිලධාරියා කීය.
ඊයේ (26) දිනයේද මෙම තැපැල් දුම්රිය දෙක අවලංගු කෙරිණි.
මේ අතර, උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය අදත් දෙවන දිනට කොළඹ කොටුව සිට නානුඔය දක්වා සීමා කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය.
එමෙන්ම, කොළඹ කොටුව සිට මඩකලපුව බලා අද රාත්රී 7.00 ට ධාවනය වීමට නියමිත මීනගයා සිඝ්රගාමී දුම්රිය අද දින පොලොන්නරුව දුම්රිය ස්ථානය දක්වා පමණක් ධාවනය කිරීමට කටයුතු කරන බව ද දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය.